කුරුණැගල – දඹුල්ල මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් අද (10) අලුයම 4.45ට පමණ දරුණු අනතුරක් සිදු වුණා.
මෙම අනතුරින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හතරක් මියගොස් තවත් විස්සකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ඇතුළත් කර ඇත්තේ කුරුණැගල රෝහලටයි.
කඳුරුවෙල සිට කුරුණෑගල බලා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් මගීන් නංවාගැනීමට මාර්ගය අයිනේ නවතා තිබිය දී පසු පසින් පැමිණි මාඳුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
පසු පසින් පැමිණි බස් රථයේ අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බවයි දැනට සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දොරටියාව පොලිසිය විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.