පන්නල, කර්මාන්තපුරය ප්‍රදේශයේ දෙපිරිරිසක් අතර ඊයේ (08) රාත්‍රියේ ඇති වූ ගැටුමක දී කාන්තාවක් සහ තරුණයෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ප්‍රදේශයේ කුකුළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයින් පිරිසක් සහ වීථිවල සැරිසරන සුනඛයින් වෙත ආහාර ලබාදෙන පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.
මෙහිදී තුවාල ලබා ඇත්තේ කුකුළු ව්‍යාපාරයේ නිරත පාර්ශ්වයේ කාන්තාව සහ තරුණයෙක්වන අතර කාන්තාව 46 හැවිරිදි වියේ සහ තරුණයා 30 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය පැවසුවේ.
ගැටුම හටගත් අවස්ථාවේ වෙඩි තැබීමක් ද සිදුව ඇති බවට පොලිසිය තොරතුරු වාර්තා වී ඇති අතර, එම ස්ථානයේ තිබී හිස් උණ්ඩ කොපුවක් ද සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
තුවාල ලැබූ දෙදෙනා මේ වනවිට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ හයක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පන්නල පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.