පන්නල ගැටුමකින් කතක් සහ තරුණයෙක් රෝහලේ – වෙඩි තැබීමකුත් සිදුව ඇති බවට තොරතුරු

පන්නල, කර්මාන්තපුරය ප්‍රදේශයේ දෙපිරිරිසක් අතර ඊයේ (08) රාත්‍රියේ ඇති වූ ගැටුමක දී කාන්තාවක් සහ තරුණයෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ප්‍රදේශයේ කුකුළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයින් පිරිසක් සහ වීථිවල සැරිසරන සුනඛයින් වෙත ආහාර ලබාදෙන පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

මෙහිදී තුවාල ලබා ඇත්තේ කුකුළු ව්‍යාපාරයේ නිරත පාර්ශ්වයේ කාන්තාව සහ තරුණයෙක්වන අතර කාන්තාව 46 හැවිරිදි වියේ සහ තරුණයා 30 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය පැවසුවේ.

ගැටුම හටගත් අවස්ථාවේ වෙඩි තැබීමක් ද සිදුව ඇති බවට පොලිසිය තොරතුරු වාර්තා වී ඇති අතර, එම ස්ථානයේ තිබී හිස් උණ්ඩ කොපුවක් ද සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

තුවාල ලැබූ දෙදෙනා මේ වනවිට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ හයක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පන්නල පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39