නඩු දෙකකට සල්ලි හොයන්න හිටපු හමුදා සෙබළා කතක් මරා ගෙයක් කොල්ලකාලා

නිවසකට පැන එම නිවසේ සිටි කාන්තාවක් ඝාතනය කර ඇයගේ සිරුරට ගිනි තබා මුදල් සහ දේපළ සොරාගත සැකකරුවෙක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (08) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, තලගොල්ල ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ සේවය කළ වයස අවුරුදු 39ක අයෙක්.

සැකකරු පසුගිය 05 වනදා පස්වරුවේ සොරකමක් සඳහා තලගොල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසට වහළයෙන් ඇතුළු වී තිබෙනවා.

එම අවස්ථාවේ දී නිවසේ සිටි කාන්තාවක් ඔහු දැකීමෙන් බියට පත්ව කෑගැසීමට උත්සාහ කරන අවස්ථාවේ දී ඇයගේ ගෙළ මිරිකා නිහඬකර පිහියකින් ගෙළ කපා ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එම කාන්තාවගේ සිරුරේ ඇති ඇඟිලි සලකුණු ඉවත් කර සාක්ෂි වසන් කිරීමට නිවසේ තිබූ රෙදි කැබළි, කඩදාසි කොළ එකතුකර සිරුර මත අතුරා ඊට ගිනි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රාගම, තලගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තවක් වන අතර, සිද්ධිය සිදුවන් අවස්ථාවේ ඇයගේ සැමියා සහ පුත්‍රයා නිවසේ සිට නැහැ.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිස් නිලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසු සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහුට එරෙහිව කුලියාපිටිය මහාධිකරණයේ සහ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩු කටයුතු සදහා අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා මොහු සොරකම් සඳහා මෙම නිවසට ඇතුළු වී ඇති බවයි විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14