AFC Banner
AFC Banner
Empty Ad

පාස්පෝට් ගැටළුවට මාස 02ක් ඇතුළත විසඳුම් – මහජන ආරක්ෂක ඇමති

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව පවතින ගැටලු‍ව මාස 02ක් ඇතුළත විසඳීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඊයේ (07) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දෛනිකව නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වුණේ.

ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා වත්මන් රජයේ නිලධාරීන් සහ විශ්‍රාමික පුහුණු නිලධාරීන් යොදාගනිමින් මෙම පද්ධතිය මාරුවීම් තුනකින් ක්‍රියාත්මක කිරීමට ද යෝජනා වී තිබෙනවා.

මේ අතර යාපනයේ ආගමන හා විගමන කාර්යාලයක් ස්ථාපිත කිරීමට ද තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?