පාස්පෝට් ගැටළුවට මාස 02ක් ඇතුළත විසඳුම් – මහජන ආරක්ෂක ඇමති

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව පවතින ගැටලු‍ව මාස 02ක් ඇතුළත විසඳීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඊයේ (07) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දෛනිකව නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වුණේ.

ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා වත්මන් රජයේ නිලධාරීන් සහ විශ්‍රාමික පුහුණු නිලධාරීන් යොදාගනිමින් මෙම පද්ධතිය මාරුවීම් තුනකින් ක්‍රියාත්මක කිරීමට ද යෝජනා වී තිබෙනවා.

මේ අතර යාපනයේ ආගමන හා විගමන කාර්යාලයක් ස්ථාපිත කිරීමට ද තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21