කැකිරාව – ඉපලෝගම, රණජයපුර ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
අද (07) අලුයම මෙම අනතුර සිදු ව ඇති අතර මරණකරුගේ යතුරුපැදිය රණජයපුර මංසන්ධියේ සිට එම ප්‍රදේශයේ නිවාස සංකීර්ණය දෙසට ධාවනය වෙමින් තිබියදී නවීන පන්නයේ යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකි ව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරු සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
අනතුරින් මියගොස් ඇත්තේ එම යතුරුපැදිය පැදවූ බව කියන 25 හැවිරිදි හේරත් මුදියන්සේලාගේ චානුක දේශාන් හේරත් නමැති අවිවාහක තරුණයෙක්.
මෙම තරුණයා ශ්‍රී ලංකා යුඩද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස රාජකාරී කරමින් සිටි අයෙකු බව ද, ඔහු ගනේමුල්ල ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්ත ව සේවය කරමින් සිට ඇති බව ද, සිදුකළ විමර්ශණවල දී හෙළි ව තිබෙනවා.
ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුර දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය තරුණයාගේ දේහය මේ වන විට ඉදිරි විමර්ශන කටයුතු සඳහා කැකිරාව දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.