වායු තත්ත්ව දර්ශක අගයේ ඉහළ යෑමක් (වීඩියෝ)

යළිත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු තත්ත්ව දර්ශක අගය නුසුදුසු මට්ටමින් වෙනස් වී තිබෙනවා.

කොළඹ, ගම්පහ, මහනුවර යන ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය 155 – 156 ත් අතර අගයක තිබීම අහිතකර තත්ත්වයක් බව‍යි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ.

යාපනය, පුත්තලම,අනුරාධපුර මාතර, ගාල්ල යන ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය 100- 150ත් අතර අගයක් ගන්නා බව ද වාර්තා වනවා.

මෙම තත්ත්වය ශ්වසන ආබාධ ඇති අයට අහිතකර තත්ත්වයක් බවයි අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මීට හේතුව වී ඇත්තේ වායු දූෂණය ඉහළ යාම බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?