UPDATE :ඩයනා ගමගේට නිකුත් කළ වරෙන්තුව ආයෙ කැඳවයි (වීඩියෝ)

අද (06) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි වරෙන්තුව ආපසු කැඳවීමට නියම කරනු ලැබුවා.

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරිය අද නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ හේතුවෙනුයි අදාළ වරෙන්තු නිකුත් කළේ.

කෙසේවෙතත් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් මීට ටික වේලාවකට පෙර අධිකරණයේ පෙනී සිටියා.

ඒ අනුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.


ආගමන – විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත පවරා ඇති නඩුවල සැකකාරිණිය වන හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

අද (06) පෙරවරුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවා.

ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආගමන – විගමන සිද්ධීන් 07ක් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට නඩු පවරා තිබූ බැවින් එම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්තිකාරිණිය වන ඩයනා ගමගේ මහත්මිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

එම අවස්ථාවේදීයි අධිකරණ විනිසුරුවරිය මෙම වරෙන්තුව නිකුත් කළේ.

ඒ අනුව එම නඩුව යළි අප්‍රේල් මස 27 වැනි දා කැඳවීමට ද අධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23