ජල ගාස්තුවටත් සහනයක්

ඉදිරියේ දී ජල ගාස්තු මිල සංශෝධනය කිරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව නව ගාස්තුව සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් පහත බසිනු ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන අතර
ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කර තිබෙනවා.

ජල බිල අඩුකිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

අනතුරුව සභාපතිවරයා විසින් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමෙන් පසුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?