පවතින ව්‍යවස්ථාව වහා අහෝසි කර රට තුළ සැබෑ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි; අවනීතියට කිසිඳු ඉඩක් ලබානොදෙන නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
77 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පූජාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.
දැනට පවතින ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හෝ ඊට අනුබලදීම හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට කළ නොහැකි දෙයක් බවයි උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
කාදිනල් හිමිපාණන් මෙහිදී ජනාධිපති, අග්‍රාමාත්‍යවරිය ඇතුළු රජයේ සියලුම මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ පවතින දූෂිත ක්‍රමවේදය වෙනස්කර දේශයට සැබෑ නිදහස උදාකර දී ජනතාව ආර්ථික ප්‍රගතියක් කරා මෙහෙයවන ලෙසයි.