ඇමරිකාවේ ලාස්වේගාස් හිදී පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත් ඉෂාදි අමන්දා අද (04) දිවයිනට පැමිණියා.
ඇය අද (04) අලුයම 1.55ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 658 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත වාර්තාකරු සඳහන් කළේ.
දිවයිනට පැමිණි ඇයව පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබූ බවයි වාර්තා වුණේ.
ලෝකයේ රටවල් 40ක විවාහක රූ රැජිණියන්ගේ සහභාගීත්වයෙන් ලෝක විවාහක රූ රැජිණ තරගාවලි පසුගිය 30 වනදා ලාස්වේගාස් හිදී පැවැත් වුණා.
එහිදී 40 වැනි ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට දකුණු අප්‍රිකාවේ ට්‍රිෂිගෝ හලාරි සමත් වූ අත,ර දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දාට හිමි වුණා.