AFC Banner
AFC Banner
Empty Ad

සෑම වෘත්තිකයෙකුටම මාතෘ භූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් ඇති බව ජනපති කියයි (වීඩියෝ)

නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව රට තුළ ජීවිත්වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කර ගැනීම වෙනුවෙන් එක්ව යා යුතු ගමනක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙරට සෑම වෘත්තිකයෙකුටම මාතෘ භූමිය වෙනුවෙන් තව දුරටත් කළ යුතු නිදහස් අරගලයක් ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙකු නොවී ආර්ථික තලය තුළ නිදහස් සාක්ෂාත්කර ගැනීමට සියලුදෙනා එක්ව මාතෘ භූමිය වෙනුවෙන් කැපවිය යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

තමන්ට ඉතිහාස විසින් භාරදුන් රට නොව පුරවැසි අභිමානයට ගරුකරන, දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක් තමා අනාගත පරපුර වෙනුවෙන් භාරදෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?