නීතිවිරෝධී මත්පැන් සහ රජයේ අරක්කු මුදලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙම වැටලීම ඊයේ (02) රඹුක්කන – පත්තම්පිටිය ප්‍රදේශයේ දී සිදු කරන ලද බවයි.
එහිදී වළ දමා තිබූ නීතිවිරෝධී මත්පැන් ලීටර් 337කට අධික ප්‍රමාණයක් (බෝතල් 450ක්) අඩංගු බැරල් 02ක් හා වළ දමා තිබූ ගෝඩා ලීටර් 15000ක් පමණ ඇති ටැංකි තුනක් ද සොයා ගැනුණා.
අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන අයෙක් බවත් කඩුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වනවා.
එමෙන්ම වැටලීම කරන අවස්ථාවේ දී ප්‍රධාන සැකකරු පලා ගොස් තිබෙනවා.
මේ අතර මෙම සිදුවීමට සම්බන්ධ ව සිටින සැකකරුගේ පුත්‍රයා පත්තම්පිටිය නගරයේ වෙළෙඳසැලක් තුළ බලපත්‍ර රහිව බියර් අලෙවි කිරීම් සිදු කරන ලද බවට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත්තේ බියර් බෝතල් 17ක් ද සමගින්.
ඔහු 18 හැවිරිදි අයෙක්.