AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා පළමු ඉනිම අන්ත අසීරු අඩියක නවතී

ශ්‍රී ලංකාව හා සංචාරක ඕස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමාකිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අද සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 654ට වඩා තවත් ලකුණු 489ක් පසුපසින් සිටිනවා.

මේ අතර ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකාවට මේ වනවිට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භකර තිබෙනවා.

තරගයේ සිව්වන දිනට අද (01) උදෑසන ආරම්භ කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිම කඩුලු 05ක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුලු පහ තවත් ලකුණු 29ක් තුළ බිඳ දමන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?