රත්නපුර – වේවැල්වත්තේ කුරුඳු ඉඩමක කාන්තා මළ සිරුරක් (වීඩියෝ)

රත්නපුර, වේවැල්වත්ත, ගලබඩ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ රත්නපුර, පන්නිල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි දෙදරු මවකගේ සිරුක් මෙලෙස හමු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ මෙම කාන්තාව සිට ස්වාමිපුරුෂයා සමඟ ගලබඩ ප්‍රදේශයේ පුද්ගලික වත්තක රැකියාවක නිරතව සිට ඇති බවයි.

ඔවුන් දෙදෙනා මීට මාස හතරකට පෙර තම පුත්‍රයා සමඟ ඇති වූ ආරවුලකින් පසුව මෙම ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාවගේ ස්වාමිපුරුෂයා දෛනිකව සවස් කාලයේ ගලබඩ ප්‍රදේශයේ වෙළඳසැලකට යන බවත් ඒ අනුව ඊයේ (30) දිනයේ දී පස්වරුවේ ඔහු එම වෙළඳසැලට ගොස් තිබෙනවා.

එලෙස වෙළඳසැලට ගොස් නැවත පැමිණෙන විට ඔහුගේ බිරිඳ නවාතැනේ නොසිටීම හේතුවෙන් වත්තේ මුරකරුගේ සහයෝගය ඇතිව අවට වටපිටාවේ ඇයව සොයා සෝදිසි කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස සෝදිසි කළත් බිරිඳව සොයා ගැනීමට නොහැකි වූ සැමියා 119 හදිසි දුරකථන අංකය වෙත මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණි වේවැල්වත්ත පොලිසියේ නිලධාරීන් නිවස අසල සිදුකළ විමර්ශනවල දී නිවසේ සිට මීටර්  150ක දුරින්  තිබෙන කුරුඳු ඉඩම දෙසට කිසියම් දෙයක් ඇදගෙන ගොස් ඇති සලකුණු නිරීක්ෂණය වී තිබෙනවා.

එම සලකුණු ඔස්සේ විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්ට කුරුඳු ඉඩමේ තිබී කාන්තාවගේ මළ සිරුර අද (31) සොයාගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වේවැල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?