ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගි වීමට නියමිත ව සිටිනවා.
යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පෙ.ව 10.30ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අනතුරුව අද ප.ව 1.30ට යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ දී සහ ප.ව 3.30ට චාවකච්චේරි ප්‍රදේශයේ පැවැත්වෙන සුහද හමු දෙකකට ද ජනාධිපතිවරයා එක් වනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1