නිවසක් කොල්ලකෑ දෙදෙනකු පොලිසියට හසුවෙයි

එඬේරමුල්ල – පාදිලියාතුඩුය ප්‍රදේශයේ නිවසක් බිඳ දේපොළ සොරකම් කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) රාත්‍රී කාලයේ මෙම නිවස කොල්ලකන බවට ලද තොරතුරක් මතයි සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 20ක් කැලණිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.

නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ නිවසින් බැහැරව සිටියදී ඔවුන්ගේ දියණිය පමණක් නිවසේ සිටි අවස්ථාවක මෙම සැකකරු හා සැකකාරිය නිවසට පැමිණ එම දියණියගේ ගෙලට තියුණු ආයුධයක් තබා බිය ගන්වා ලණුවකින් ගැට ගසා නිවසේ රන් ආභරණ කොල්ලකා පලා ගොස් ඇති බවට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

සොරාගන්නා ලද රන් භාණ්ඩ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?