Empty Ad
AFC Banner
Empty Ad

බමන විසේ වැඩි වී අනතුරක් කර පලා ගිය SI රිමාන්ඩ්

බීමත් ව රාජකාරි කරමින්, තමන් පැදවූ පොලිස් කැබ් රථය ත්‍රීරෝද රථයක ගැටීමට සලස්වා පලාගිය උප පොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබෙනවා.

අද (27) දහවල් මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි අදාළ නියෝගය හිමිවූයේ.

ඒ අනුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි මස 10 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත ව සිටිනු ඇති.

මෙම සැකකරු කෑගල්ල පොලිසියට අනුයුක්ත නිලධාරියෙක් වන අතර ඔහුගේ වැඩ මේ වනවිට තහනම් කර තිබෙනවා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරී කටයුත්තක් සඳහා කෑගල්ල පොලිසියේ සිට අඹේපුස්ස දක්වා පොලිසියට අයත් කැබ්රථයකින් යමින් සිටියදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව – කොබ්බෑවල ප්‍රදේශයේදී මෙම කැබ් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කර ඉදිරියෙන් ආ ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදු වුණා.

ඉන් අනතුරුව ප්‍රදේශවාසී තරුණයින් කිහිපදෙනෙකු විසින් කැබ් රථය ලුහුබැඳ ගොස් තෝලංගමුව ප්‍රදේශයේ නවතා වරකපොළ පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ සැකකරු බීමත් ව සිට ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?