බමන විසේ වැඩි වී අනතුරක් කර පලා ගිය SI රිමාන්ඩ්

බීමත් ව රාජකාරි කරමින්, තමන් පැදවූ පොලිස් කැබ් රථය ත්‍රීරෝද රථයක ගැටීමට සලස්වා පලාගිය උප පොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබෙනවා.

අද (27) දහවල් මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි අදාළ නියෝගය හිමිවූයේ.

ඒ අනුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි මස 10 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත ව සිටිනු ඇති.

මෙම සැකකරු කෑගල්ල පොලිසියට අනුයුක්ත නිලධාරියෙක් වන අතර ඔහුගේ වැඩ මේ වනවිට තහනම් කර තිබෙනවා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරී කටයුත්තක් සඳහා කෑගල්ල පොලිසියේ සිට අඹේපුස්ස දක්වා පොලිසියට අයත් කැබ්රථයකින් යමින් සිටියදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව – කොබ්බෑවල ප්‍රදේශයේදී මෙම කැබ් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කර ඉදිරියෙන් ආ ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදු වුණා.

ඉන් අනතුරුව ප්‍රදේශවාසී තරුණයින් කිහිපදෙනෙකු විසින් කැබ් රථය ලුහුබැඳ ගොස් තෝලංගමුව ප්‍රදේශයේ නවතා වරකපොළ පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ සැකකරු බීමත් ව සිට ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51