කීර්තිගේ කීර්තියට කළ හානියට වන්දි ඉල්ලා ඇමති සමන්තට එන්තරවාසි

වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් හට ‘අපහාසාත්මක, වැරදි සහ නොමඟයවන සුළු උපහාසාත්මක’ ප්‍රකාශ 15ක් පමණ සිදුකිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

2024 ජනවාරි 09 දින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී “අන්නාසිගලට ඇත්තටම මොකද වෙන්නේ?” යන මාතෘකාව යටතේ සමන්ත විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන්ට ‘නම සඳහන් කරමින්, අපහාසාත්මක, උපහාසාත්මක ප්‍රකාශ රැසක් සිදුකරමින්, නීති විරෝධී රාජ්‍ය ඉඩම් කොල්ලකෑම් සහ තවත් දූෂිත ක්‍රියාවන් කිහිපයකට සම්බන්ධ බවට අපහාස කර ඇතැයි එන්තරාවාසියේ දැක්වෙනවා.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් කීර්ති තෙන්නකෝන් සම්බන්ධයෙන් ‘පහත් මතයක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි ද, ඇමතිවරයාගේ ප්‍රකාශයේ ‘අන්තර්ගතය අසත්‍ය වන අතර, එය තම සේවාදායකයාට අපහාසාත්මක’ වන බව එච්.ඩී.සී.ඩී.හතුරුසිංහ නීතිඥවරයා විසින් මහියංගනය, රදීමාලියද්දේ සමන්ත විද්‍යාරත්නගේ ලිපිනයට යොමු කර ඇති එන්තරාවාසියේ වැඩිදුරටත් සඳහන්.

කීර්ති තෙන්නකෝන්ගේ යැයි දැක්වෙන හැදුම්පතක් පිළිබඳ විස්තර, රක්ෂිත වනාන්තරයක් බලහත්කාරයෙන් අල්ලා ගැනීම, ජාවාරම්කරුවෙකු බව නැවත නැවත ප්‍රකාශ කිරීම, අනවසර ඉදිකිරීම් සිදු කිරීම, කැලෑ කැපීම, ඉඩම් අල්ලා විකුණා ඇති බව, රජයේ අඹ පැල මුදලට විකිණීම ආදී වශයෙන් චෝදනා හා අසත්‍ය ප්‍රකාශ 15 ක් පුවත්පත් සාකච්ඡාවේ දී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කර තිබුණා.

එන්තරාවාසියේ තවදුරටත් දැක්වෙන්නේ කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කළ ‘චෝදනා වැරදි සහ අසත්‍ය බවත්, ඔහු අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ රාජ්‍ය ආයතනයක හිටපු නිලධාරියෙකුගේ නොකැළැල්, ගෞරවනීය චරිතය විනාශ කිරීමට, සමච්චලයට ලක් කිරීමට සහ අවමන් කිරීමට චේතනාන්විතව’ අරමුණු කර ඇති බවයි.

තව ද, ‘හිටපු රාජ්‍ය නිලධාරියෙකු ද, වර්තමානයේ සමාජයේ මත සාදන්නෙකු ලෙස ද කටයුතු කරන කීර්ති තෙන්නකෝන් හට සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශ මඟින් බරපතල හානියක්, හොඳ නමට සහ කීර්ති නාමයට, චරිතයට සහ ගෞරවයට හානි සිදුවී ඇති බව’ දැක්වේ. තෙන්නකෝන් මහතා ට සිදු කළ හානිය රුපියල් මිලියන 100ක් ලෙස ඇස්තමේන්තු කරන බවත්, එම කතාවේ සහ ලිපියේ එම අපහාසාත්මක අන්තර්ගතයේ කතෘට ගෙවිය යුතු මුදල ගෙවීමට ඔබ පෞද්ගලිකව බැඳී සිටින බවත් එහි දැක්වනවා.

ලිපිය ලැබී දින 14ක් ඇතුළත එම රුපියල් මිලියන 100ක වන්දි මුදල ඉල්ලා සිටින බවත්, එම මුදල ගෙවීමට අසමත් වන්නේ නම්, එම මුදල අයකර ගැනීමටත්, එයට අමතරව පොළී සහ නඩු වියදම් ලබාගැනීමට නීතිමය පියවර ගන්නා බවත් එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56