ලබන ඉරිදා පැවැත්වෙන ඉන්දියාවේ 76 වැනි ජනරජ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ නවදිල්ලි අගනුවරට පැමිණ තිබෙනවා.
ජනරජ දින පෙළපාළියට 352 දෙදෙනෙකුගෙන් යුත් ඉන්දුනීසියානු හමුදා බලඇණියක් ද එක් වීමට නියමිතයි.
ඉන්දුනීසියානු හමුදා බලඇණියක් රටින් පිටත ජාතික දින පෙළපාලියකට එක්වන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.
ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මෙය ජනාධිපතිවරයා ලෙස ප්‍රබෝවෝගේ පළමු ඉන්දීය සංචාරය වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1