මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතු‍රින් අයෙක් මරුට – දෙදෙනකුට බරපතළ තුවාල

යතුරුපැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුර ඊයේ (23) පස්වරුවේ සිදු ව ඇත්තේ ආණමඩුව – නවගත්තේගම මාර්ගයේ 2 කණුව සහ 3
කණුව ප්‍රදේශයේදියි.

අනතුරින් මිය ගොස් ඇත්තේ දිගැන්වැව – දිගැන්නාවත්ත පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ ප්‍රසන්න චාමර රත්නායක නමැති 29 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු යතුරුපැදිකරු බවත් හෙළි ව තිබෙනවා.

අනතුරට පත් යතුරුපැදියේ පසු පැදිකරු සහ වෑන් රථයේ රියදුරු වන යාපනය – ඉණුවිල් පදිංචිකරුවෙක්
අනතුරින් තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කෙරුණා.

යතුරුපැදියේ පසුපැදිකරු බරපතළ තත්ත්වයේ පසු වූ බැවින් ඔහු ව හලාවත මහ රෝහලට මාරුකර යවා ඇති අතර මේ වනවිට ඔහු පසුවන්නේ දැඩි සත්කාර ඒකකයේයි.

අනතුරට පත්ව ඇති යතුරුපැදිය ආණමඩුව දෙස සිට නවගත්තේගම දෙසට ගමන් කරමින් තිබී ඇති අතර යතුරුපැදිය මාර්ගයේ දකුණු පසට ධාවනය වීම හේතුවෙන් ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ඉදිරිපස ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01