දරුවාට බෙහෙත් ගෙන ඒමට ගිය පියා නො එන ගමන් යැවූ මාරක අනතුර

උතුරු පයාගල මංසන්ධියේ දී සිදු වූ මාරක අනතුරකින් 25 හැවිරිදි විවාහක ත්‍රීරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ දී මෙම අනතුරට මුහුණ පා ඇත්තේ ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් බවයි දසත වාර්තාකරු පැවසුවේ.

මරණකරු පැදවූ ත්‍රීරෝද රථය මෝටර් රථයක් ගැටී පෙරලීමෙන් එහි රියදුරු පිටිපසින් ආ තවත් මෝටර් රථයකට යට වී ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරෙන් මියගොස් ඇත්තේ පයාගල – අංගංගොඩ ප්‍රදේශයේ පදිංචි ව සිටි තරුණයෙක්.

ත්‍රී රෝද රථය කළුතර දෙස සිට බේරුවල දෙසට ගමන් කර ඇති අතර, උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේ දී දකුණු පසට හැරවීමට සූදානම් ව සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටී ත්‍රීරෝද රථය මාර්ගයේ දකුණු පසට පෙරළී ගොස් තිබෙනවා.

ඒ සමගම බේරුවල දෙසින් පැමිණි මෝටර් රථයක ද ත්‍රී රෝද රථය ගැටී ඇති බවයි හෙළි ව ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු කළුතර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මරණකරු සිය දරුවාට ඖෂධ ගෙන ඒමට ඖෂධහලට යමින් සිටියදියි අනතුරට මුහුණපා ඇත්තේ.

මෝටර් රථ දෙකෙහිම රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?