දරුවාට බෙහෙත් ගෙන ඒමට ගිය පියා නො එන ගමන් යැවූ මාරක අනතුර

උතුරු පයාගල මංසන්ධියේ දී සිදු වූ මාරක අනතුරකින් 25 හැවිරිදි විවාහක ත්‍රීරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ දී මෙම අනතුරට මුහුණ පා ඇත්තේ ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් බවයි දසත වාර්තාකරු පැවසුවේ.

මරණකරු පැදවූ ත්‍රීරෝද රථය මෝටර් රථයක් ගැටී පෙරලීමෙන් එහි රියදුරු පිටිපසින් ආ තවත් මෝටර් රථයකට යට වී ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරෙන් මියගොස් ඇත්තේ පයාගල – අංගංගොඩ ප්‍රදේශයේ පදිංචි ව සිටි තරුණයෙක්.

ත්‍රී රෝද රථය කළුතර දෙස සිට බේරුවල දෙසට ගමන් කර ඇති අතර, උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේ දී දකුණු පසට හැරවීමට සූදානම් ව සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටී ත්‍රීරෝද රථය මාර්ගයේ දකුණු පසට පෙරළී ගොස් තිබෙනවා.

ඒ සමගම බේරුවල දෙසින් පැමිණි මෝටර් රථයක ද ත්‍රී රෝද රථය ගැටී ඇති බවයි හෙළි ව ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු කළුතර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මරණකරු සිය දරුවාට ඖෂධ ගෙන ඒමට ඖෂධහලට යමින් සිටියදියි අනතුරට මුහුණපා ඇත්තේ.

මෝටර් රථ දෙකෙහිම රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10