පාස්කු ප්‍රහාරයට වගකිව යුතු යැයි චෝදනා ලැබූ හේමසිරි හා පූජිත් ගැන මහාධිකරණයෙන් නියෝගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව අද (22) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවා.

අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ගේ විත්ති වාචිකව කැඳවීමට පියවර ගන්නා ලෙස ඉකුත්දා නියෝගයක් නිකුත් කර තිබූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව අදාළ නඩුව අද නාමල් බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නඩු තීන්දුව විත්තිකරුවන්ට කියවා දෙනු ලැබු අතර ඒ අනුව මෙම නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි විමසන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව මගින් දැනුම් දී ඇතැයි ද විනිසුරුවරු විසින් විත්තිකරුවන්ට දැනුම්දුන්නා.

ඉන් අනතුරුව නඩුව ලබන 28 වනදා කැඳවීමට ද විනිසුරු මඩුල්ල දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21