මහනුවර – මහියංගණය මාර්ගය තාවකාලික ව වසා දැමේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගණය මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ එම මාර්ගයේ උඩුදුම්බර පොලිස් වසමේ කහටගොල්ල ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඳු හා ගල් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් පවතින බැවින් ගොඩනැගිලි පර්‍යේෂණ නායයාම් හා අවදානම් කළමනාකරණ අංශයේ නිලධාරීන් විසින් අද (20) දින සිදු කරන ලද පරීක්ෂාවේ දී නිරීක්ෂණය වීම මීට හේතුව බවයි.

මේ හේතුවෙන් මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයි හට බරපතළ අනතුරු සිදුවිය හැකි බැවින් අද පස්වරු 06 සිට හෙට උදෑසන 6 තෙක් මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී මහනුවර දෙස සිට මහියංගණය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට හා මහියංගණය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන බර වාහන හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රන්දෙණිගල මාර්ගය දෙසටත් විකල්ප මාර්ග ලෙස භාවිත කළ හැකි බවත් පොලිසිය පවසනවා.

මීට අමතරව මහනුවර දෙස සිට මහියංගනය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහනවලට පමණක් උඩුදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර නගරයටත්, මහියංගණය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩුදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් පැමිණිය හැකි වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51
Video thumbnail
අපරාධ ජාලය ඇයි පොලිසියට නවත්තන්න බැරි ? - දැන් තමයි සිස්ටම් එකට වැටුණේ - කාලයක් ඕනි
05:25
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඥාතීන්ට වෙ# තැබීම් ගැන ඕලුගල හෙළිකරයි - බලය වැඩි කරගන්න වැඩ මේ
01:40