AFC Banner
Empty Ad

මොරටුව පොලිසිය ඉදිරිපිට කෝලාහලය ගැන ප්‍රකාශ ගනී

මොරටුව පොලිස් ස්ථානය ඉදිරිපිට ඊයේ (19) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා.

ඒ, මොරටුව දේවස්ථාන මංගල්‍ය පෙරහැරට තොරනක් ඉදිකර මින් සිටි තරුණයන් පස්දෙනෙකුට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින්.

එහිදී තරුණයන් විසින් ද සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර, අනතුරුව පොලිසිය විසින් එම තරුණයින්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

ඉන් අනතුරුවයි ප්‍රදේශවාසීන් පොලිසිය ඉදිරිපිටට පැමිණ මෙලෙස කලහකාරී ලෙස හැසිරී තිබුණේ.

කෙසේ වෙතත් පැමිණි පිරිස පසුව එම ස්ථානයෙන් විසිර ගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනුණු පස්දෙනා අද (20) දිනයේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් රැසකගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට තරුණයන් හෙට දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?