මොරටුව පොලිසිය ඉදිරිපිට කෝලාහලය ගැන ප්‍රකාශ ගනී

මොරටුව පොලිස් ස්ථානය ඉදිරිපිට ඊයේ (19) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා.

ඒ, මොරටුව දේවස්ථාන මංගල්‍ය පෙරහැරට තොරනක් ඉදිකර මින් සිටි තරුණයන් පස්දෙනෙකුට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින්.

එහිදී තරුණයන් විසින් ද සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර, අනතුරුව පොලිසිය විසින් එම තරුණයින්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

ඉන් අනතුරුවයි ප්‍රදේශවාසීන් පොලිසිය ඉදිරිපිටට පැමිණ මෙලෙස කලහකාරී ලෙස හැසිරී තිබුණේ.

කෙසේ වෙතත් පැමිණි පිරිස පසුව එම ස්ථානයෙන් විසිර ගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනුණු පස්දෙනා අද (20) දිනයේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් රැසකගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට තරුණයන් හෙට දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18