ප්‍රධාන ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ

ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ ගිරිතලේ වැව මේ වනවිට වාන් දමමින් පවතිනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගිරිතලේ වැවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ එහි ජල ධාරිතාව වාන් මට්ටම ඉක්මවා යාමෙන් එම වැව මෙලෙස දින 05ක සිට වාන් දමමින් පවතින බවයි.

ඒ, අනුව වැවේ පිටවානෙන් තත්පරයට ඝන අඩි 500ක පමණ ජල ධාරිතාවක් මින්නේරිය ඔයට මුදාහැරෙන බවයි ගිරිතලේ වැව භාර වාරි ඉංජිනේරුවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් මින්නේරිය ඔයේ ජල ධාරිතාව ඉහළ යා හැකි බැවින් මින්නේරිය ඔය පරිහරණය කරන ජනතාව ඒ සම්බන්ධයෙන් වඩා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

මේ අතර මොරගහකන්ද ජලාශයේ ද වාන් දොරටු පහෙන් එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.

ඒ, අනුව ඉන් තත්පරයට ඝන අඩි 1500ක ජාල ධාරිතාවක් අඹන් ගඟ ඔස්සේ මහවැලි ගඟට මුදාහැරීමට කටයුතු කර ඇති බවයි මොරගහකන්ද ජලාශ භාර වාරි ඉංජිනේරුවරයා පැවසුවේ.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ධාරිතාවය මෙන් සිව්ගුණයක් විශාල මොරගහකන්ද ජලාශය මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික් මායිම්ව පිහිටා තිබෙන අතර, මෙම ජලාශයේ ස්වයංක්‍රීය වාන්දොරටු පහක් පිහිටා තිබෙනවා.

මේ අතර රාජාංගන ජලාශයේ වාන් දොරටු දහයක් මේ වන විට විවෘත කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.

එමඟින් තත්පරයකට ඝන අඩි දොළොස්දාස් හැට තුනක ජල ධාරිතාවක් කලාඔයට මුදාහරින බවයි රාජාංගන ජලාශ භාර වාරි ඉංජිනේරුවරයා පැවසුවේ.

එමෙන්ම අංගමුව ජලාශයේ ද වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කර තිබෙනවා.

ඒ, අනුව තත්පරේට ඝන අඩි 656ක ජල ධාරිතාවක් අංගමුව ජලාශයෙන් කලා ඔයට මුදාහරින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16