මාරක රිය අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනකු මරුට

නොච්චියාගම – රණෝරාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් බාලවයස්කරුවන් දෙදෙනකු එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ (16) පස්වරුවේ බස් ‍රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන්.

අධික වේගයකින් පැමිණ ඇති යතුරුපැදිය සහ බස් රථය වංගුවක් ගැනීමේ දී මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙක්.

මහනුවර සිට නොච්චියාගම බලා ධාවනය වූ බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ආ මෙම යතුරුපැදියේ ගැටී තිබෙනවා.

මරණකරුවන් දෙදෙනා ම නොච්චියාගම – දොඹවල ගම විද්‍යා ප්‍රදීප විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙනුම ලබන අතර නමින් ඔවුන් මිලින්ද සම්පත් සහ කවිඳු මධුෂාන්.

එකම පවුලේ ඥාති සහෝදරයින් දෙදෙනකු ලෙසයි මරණකරුවන් ගැන තොරතුරු වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගාලදිවුල්වැව පොලිසියේ රථවාහන අංශය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03