අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු ගැන නියෝගයක්

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නමැත්තා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා ලබන ජුනි මස 18 වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළා.

සැකකරුට එරෙහි ව ගොනුකර ඇති පැමිණිල්ල පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) දැනුම්දුන්නා.

මහින්ද කොඩිතුවක්කු නමැත්තා මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා නම්; මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි යැයි ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ තිළිණ වීරසිංහ අධිකරණයට දන්වා සිටියා.

ආබාධයකින් පෙළෙන බව පෙර දිනයේ ඔහු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බවත්, ඒ හේතුවෙන් සිදුවීමට අදාළ පැමිණිල්ල පවත්වාගෙන යන්නේ ද නැද්ද පිළිබඳ ස්ථාවරය අධිකරණයට දැනුම්දීම සඳහා කෙටි දිනයක් අවශ්‍ය බවත්, නඩුව කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව නාමයෙන් පෙනී සිටිමින් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නමැත්තා අනුගාමිකයන්ගේ වැඳුම් පිදුම්වලට ලක්වන ආකාරයේ වීඩියෝ දර්ශන පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඔහුගේ දේශන තුළින් බුදු දහමට අපහාස සිදු වන බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57