ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනින් ඇල්ලූ හෙරොයින්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ප්‍රදේශ ගණනාවකට හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය බෙදාහැරි ජාවාරම්කරුවන් දෙදෙනකු මත්කුඩු සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අඟුරුවාතොට පොලිසිය පැවසුවේ මෙම මෙහෙයුම ඊයේ (13) පස්වරුවේ අඟුරුවාතොට පොලිස් වසමේ රෙමුන – ගාලමුල්ල මාර්ගයේ හදිසි මාර්ග බාධකයකයේ දී සිදු කෙරුණා.

පොලිස් අණ නොතකා ගමන් කිරීමට උත්සාහ කළ යතුරුපැදියක ගමන් කළ දෙදෙනෙකු මහත් පරිශ්‍රමයක් දරා නවතා පරීක්ෂා කිරීමේ දී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 7350 සමග ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදලින් රුපියල් 62,700 ක් සොයා ගත් බවත් වාර්තා වනවා.

යතුරුපැදියේ පසුපස ගමන් කළ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5100ක් සහ මුදල් සොයාගෙන ඇති අතර අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රැම් 2250ක් වෙන් වෙන් වශයෙන් සොයා ගැනුණා.

සැකකරුවන් වයස අවුරුදු 39-40 වියෙහි පසුවන බැල්ලපිටිය හා අඟුරුවාතොට ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන 03ක් පරික්ෂා කිරීමේ දී කලක පටන් හොරණ- අඟුරුවාතොට, බුලත්සිංහල, මොරගහේන, බණ්ඩාරගම, අළුබූමුල්ල ඇතුළු ප්‍රදේශවල හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයින් බව අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අද (14) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18