බස් රථවල අනවශ්‍ය කෑලි ගලවන්න මාස 03ක කාලයක් – පොලිසියෙන් පොරොන්දුවක් (වීඩියෝ)

බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස 03ක කාලයක් ලබාදීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සමඟ අද (08) දහවල් පැවති සාකච්ඡාවේ දී පොලිසිය මෙම සහන කාලය ලබා දුන් බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර මහා මාර්ගවල බස් රථ නවතා මගී ජනතාවට හිරිහැරයක් ඇති වන ආකාරයට ඒවායේ සවිකර ඇති අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට කටයුතු නොකරන බවට පොලිසිය මෙම සාකච්ඡාවේ දී පොරොන්දු වූ බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

බස් සංගම් සහ වැඩ බලන පොලිස්පතිවරයා සමඟ පැවති සකච්ඡාවෙන් පසු අද (08) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපති ගැමුණු විජේරත්න මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?