බස් රථවල අනවශ්‍ය කෑලි ගලවන්න මාස 03ක කාලයක් – පොලිසියෙන් පොරොන්දුවක් (වීඩියෝ)

බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස 03ක කාලයක් ලබාදීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සමඟ අද (08) දහවල් පැවති සාකච්ඡාවේ දී පොලිසිය මෙම සහන කාලය ලබා දුන් බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර මහා මාර්ගවල බස් රථ නවතා මගී ජනතාවට හිරිහැරයක් ඇති වන ආකාරයට ඒවායේ සවිකර ඇති අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට කටයුතු නොකරන බවට පොලිසිය මෙම සාකච්ඡාවේ දී පොරොන්දු වූ බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

බස් සංගම් සහ වැඩ බලන පොලිස්පතිවරයා සමඟ පැවති සකච්ඡාවෙන් පසු අද (08) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපති ගැමුණු විජේරත්න මෙම අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51