හැටන් බස් අනතුරේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

හැටන් පෞද්ගලික බස් රථ අනතුරේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා අද (07) නියෝග කළා.

ඒ, අනුව සැකකාර රියදුරා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා සැකකරුට සෑම මසකම අවසන් ඉරුදින හැටන් පොලිසියේ පෙනී සිටන ලෙසට ද නියෝග කර සිටියා.

සැකකාර රියදුරාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, බස් රථයේ හිමිකරු අද (07) දින අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහු ද රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරීමටයි තීන්දු කළේ.

ඔහුට ද සෑම මසකම අවසන් ඉරුදින හැටන් පොලිසියේ පෙනී සිටින ලෙසට නියෝග කළා.

ඒ, අනුව මෙම නඩුව ලබන මැයි මස 06 වනදා යළි කැඳවන ලෙසයි විනිසුරුවරයා දැනුම් දුන්නේ.

අනතුරට ලක්වූ බස් රථය බැදුම්කරයක් මත හිමිකරු වෙත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27