‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරීක්ෂාවේ දී මගීන් අතර මඟ බසස්වා නැවත හරවාගෙන ගිය පෞද්ගලික බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මෙලෙස බලපත්‍රය අත්හිටුවා ඇත්තේ පානදුර – කොළඹ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක්.
මෙම බස් රථය ඊයේ (06) පානදුර පරණ පාලම අසල දී නවත්වා පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති අතර, එහිදී බස් රථයේ රියදුරා සිදුකර තිබූ වැරදි සඳහා දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමටයි කටයුතු කර තිබුණේ.
කෙසේ වෙතත් ඊට විරෝධය පෑ බස් රථයේ රියදුරා බසයේ සිටි මගීන් එම ස්ථානයේ බස්සවා රථය ආපසු හරවගෙන යෑමට කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.














Hoda dewal walata wachanen hari akul helana ayata daduwamak diya uthumai anith ayath ewa dakka a hadei nikan a habai daduwam sadarane wiya uthui
Ehema tamai wenna ona..bus driverlata ona ona dewal karanna bane..
හොඳ වැඩේ..ආයෙ පර්මිටි් එක ඉල්ලුවොත් ලොකු දඩයක් ගහලා අවුරුද්දකට පස්සෙ දෙන්න තියෙන්නෙ.
මේවා තමයි විවෘත ආර්ථිකේ කියල කාලකන්නි JR ඇතුළු හැත්ත රටට කල විනාශය.
කොහොමද කොන්ද නීතිය කතා කරන හැටි.. නොදකින්..
ඔය සක්කිලි රියදුරා අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න.
මගීන්ට වන්දි ගෙවීමට රියදුරාට නියම කළ යුතුයි.
100% අනුමත කරණවා. කිසි කෙනෙකුට මෙසේ හැසිරීමට ඉඩදිය යුතු නැහැ. ප්‍රවේශපත්‍රයක් මිලදී ගත්විට මගියා හා බස්රථ හිමියා සමග ගිවිසුමක් ආරම්භ වෙනවා. එම ගිවිසුම කෙලවර වෙන්නෙ නියමිත ස්ථානයෙන් මගියා බැසගිය විටයි. මෙසේ අත්තනොමතික ලෙස ගිවිසුම අවලංගුක කල නොහැකියි. මගියාට වුවද අතරමැද බැස යාමට අවශ්‍ය වුවහොත් නැවත මුදලක් (refund) ඉල්ලා සිටීමට නොහැකිය