ලීක් වූ උතුරු මැද පළාත් සිංහල ප්‍රශ්න පත්‍රය ගැන පොලිසියට පැමිණිල්ලක්

අද (06) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ උතුරු මැද පළාතේ එකොළහ ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණයේ සිංහල ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමය සහ දෙමව්පියන් විසින් අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

උතුරු මැද පළාතේ අද (06) පැවැත්වීමට නියමිතව තිබූ එකොළහ ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණයේ සිංහල ප්‍රශ්න පත්‍රය ඊයේ (05) දිනයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී ඇති බවට තොරතුරු වාර්තා වුණා.

ඒ, හේතුවෙන් අද දිනයේ පැවැත්වීමට තිබූ එම ප්‍රශ්න පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටයි පළාත් අධ්‍යාපන බලධාරී කටයුතු කළේ.

එම තීරණයත් සමඟ තුන්වන වාර පරීක්ෂණයේ එකොළහ ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රය අඩංගු පත්‍ර කට්ටල විවෘත කිරීමකින් තොරව අද (06) පෙරවරු 9.00ට පෙර නැවතත් කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වෙත ගෙනවිත් භාරදීමට විදුහල්පතිවරුන්ට උපදෙස් තිබුණා.

තාවකාලිකව අත්හිට වූ මෙම ප්‍රශ්න පත්‍ර වෙනුවට වෙනත් ප්‍රශ්නපත්‍රයක් ලබන 20 වනදා ලබාදීමට කටයුතු කරන බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37