පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ දක්ෂතම කැඩෙට් නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත ශ්‍රී ලාංකිකයෙකුට

ශ්‍රී ලංකා නාවික හමුදා කැඩෙට් නිලධාරියෙක්‌ පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ දක්ෂතම කැඩෙට් නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමි කරගෙන තිබෙනවා.

පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ 122 වන මධ්‍ය නිලධාරී පාඨමාලාවේ සහ 30 වන කෙටි සේවා නිලධාරී පාඨමාලාවේ විසිර යාමේ හා අධිකාරියට පත් කිරීමේ පෙළපාලියේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මධ්‍ය නිලධාරී විමුක්ති තෙන්නකෝන් එම පාඨමාලාවේ දක්ෂතම නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමිකර ගත්තා.

ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිදු සහභාගී වුණා.

පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨ ඉතිහාසයේ මෙම අසිපතට හිමිකම් කී විශිෂ්ඨයන් අතුරින් තෝරාගත් මිත්‍ර රටවලින් පාඨමාලා සඳහා පැමිණි කැඩෙට් නිලධාරින්ගෙන් ඉතාම සුළු සංඛ්‍යවකට පමණක් තම නම සටහන් තැබීමට හැකි වී ඇති අතර, මධ්‍ය නිලධාරී තෙන්නකෝන් විසින් ලබාගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය දුර්ලභ අවස්ථාවක් වනවා.

1970 දී ආරම්භ කරන ලද, පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨය, එරට නුතන තාක්ෂණික වශයෙන් වඩාත්ම දියුණු හමුදා පුහුණු ආයතනයක් ලෙස පිළිගැනෙනවා.

එමගින් නිලධාරීන් හට වෘත්තීය අධ්‍යයන උපාධි පිරිනමන අතර, ඉහළ දක්ෂතාවන්ගෙන් පරිපුර්ණ නාවික නිලධාරීන් බිහිකිරීමේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ඇනාපොලිස් හි ඇමරිකා එක්සත් ජනපද නාවික විද්‍යාපීඨයට කාර්යභාරයට සමාන සුවිශාල කාර්යභාරයක් ඉටු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
68
+1
1
+1
28
+1
3
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?