පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ දක්ෂතම කැඩෙට් නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත ශ්‍රී ලාංකිකයෙකුට

ශ්‍රී ලංකා නාවික හමුදා කැඩෙට් නිලධාරියෙක්‌ පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ දක්ෂතම කැඩෙට් නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමි කරගෙන තිබෙනවා.

පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ 122 වන මධ්‍ය නිලධාරී පාඨමාලාවේ සහ 30 වන කෙටි සේවා නිලධාරී පාඨමාලාවේ විසිර යාමේ හා අධිකාරියට පත් කිරීමේ පෙළපාලියේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මධ්‍ය නිලධාරී විමුක්ති තෙන්නකෝන් එම පාඨමාලාවේ දක්ෂතම නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමිකර ගත්තා.

ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිදු සහභාගී වුණා.

පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨ ඉතිහාසයේ මෙම අසිපතට හිමිකම් කී විශිෂ්ඨයන් අතුරින් තෝරාගත් මිත්‍ර රටවලින් පාඨමාලා සඳහා පැමිණි කැඩෙට් නිලධාරින්ගෙන් ඉතාම සුළු සංඛ්‍යවකට පමණක් තම නම සටහන් තැබීමට හැකි වී ඇති අතර, මධ්‍ය නිලධාරී තෙන්නකෝන් විසින් ලබාගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය දුර්ලභ අවස්ථාවක් වනවා.

1970 දී ආරම්භ කරන ලද, පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨය, එරට නුතන තාක්ෂණික වශයෙන් වඩාත්ම දියුණු හමුදා පුහුණු ආයතනයක් ලෙස පිළිගැනෙනවා.

එමගින් නිලධාරීන් හට වෘත්තීය අධ්‍යයන උපාධි පිරිනමන අතර, ඉහළ දක්ෂතාවන්ගෙන් පරිපුර්ණ නාවික නිලධාරීන් බිහිකිරීමේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ඇනාපොලිස් හි ඇමරිකා එක්සත් ජනපද නාවික විද්‍යාපීඨයට කාර්යභාරයට සමාන සුවිශාල කාර්යභාරයක් ඉටු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51