Saturday, January 4, 2025
Empty Ad
AFC Banner
AFC Banner

වැලිගම වෙඩි තැබීමට වෙඩික්කරුවන් ආ යතුරුපැදියක් වැවකින් සොයා ගැනේ (වීඩියෝ)

අද (04) අලුයම් කාලයේ වැලිගම – කප්පරතොට ප්‍රදේශයේ පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන ‘පල්සර්’ වර්ගයේ යතුරුපැදියක් වැවක දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම යතුරුපැදිය වැලිගම පොලිසිය විසින් සොයාගනු ලැබුවේ මූනමල්පෙ පෙදෙසෙ පිහිටි වැවකින් බවයි වාර්තා වන්නේ.

අලුයම 01ට පමණ නාඳුනන තුවක්කුකරුවන් පැමිණ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකුට වල්ලිවෙල මාර්ගයේ දී වෙඩි තබා පලා ගොස් තිබුණා.

වෙඩි තැබීමෙන් 26 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ අතර 29 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා වැලිගමින් මාතර මහ රෝහලට මාරු කර යැවුණා.

මෙම වෙඩි ප්‍රහාරයට පැමිණි වෙඩික්කකරුවන් යතුරුපැදි තුනකින් පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

මෙම පුද්ගලයින් පස්දෙනාගෙන් දෙදෙනකුට පමණක් වෙඩි වැදී තිබුණා.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්‍රදේශයේ පදිංචි ව සිටි 26 හැවිරිදි තරුණයෙක්.

මෙම මියගිය තරුණයා සහ සෙසු පිරිස ජනවාරි පළමු දින මාතර බන්ධනාගාරයේ සිර මැදිරියකට බෝ අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවූවාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදියි අදාළ වෙඩි තැබීමට ගොදුරු වී ඇත්තේ.

T56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තැබීමට යොදාගෙන තිබෙන බවත් රිවෝල්වර වර්ගයේ ජීව උණ්ඩ දෙකක් ද හමු වී ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙම වෙඩි තැබීමට හේතුව සම්බන්ධයෙන් තොරතුරක් මෙතෙක් අනාවරණය නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබර් බැක් ෆයර් වෙයි - අන්තිමට මුජිබර්ටත් හිනා ගියපු කතාව
Video thumbnail
ලොව වටිනාම මැණික් තොගයක් අස්සෙන් මතුවුණ ජනපති අනුර
01:17
Video thumbnail
වලදාපු ඌරන් ගොඩ අරන් ආපහු විකුණන මාෆියාව ඇමති විජිතට මාට්ටු වෙයි
07:04
Video thumbnail
ලක්ෂ ගාණක හාල් අස්සෙන් මතුවුණ සුනඛයා
03:04
Video thumbnail
අපේක්ෂා රෝහලට ගොඩනැගිල්ලක් හදපු බස්නායක නිළමෙට විරුද්දව පැමිණිල්ලක්
10:24
Video thumbnail
දුමින්ද සිල්වා ගැන අහපු බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට කටඋත්තර නැතිවෙයි
12:19
Video thumbnail
කප්පරතොට ඛේදවාචකයට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරුපැදියක් හමුවෙයි...
02:11
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම නීතිඥ උපුල් අබේවික්‍රම සහ හිටපු පා.ම නීතිඥ මධුර විතානගේ සහභාගීවන කස්තිරම
01:27:36
Video thumbnail
කරටි කැඩෙන්න අඩු මිලට අලුත්ම අරක්කු විශේෂයක් ළඟදීම
10:16
Video thumbnail
ඉදිරියේදී ලංකාවට වාහන ගෙන්වන්නේ මෙහෙමයි
19:24

?