වෙරිමත ජීවිතයෙන් කෙළවර වුණු හැටි

කන්තලේ – වාන් ඇළ, මීගස්වැව අසල පැලක පසුගියදා පැවැත්වූ සාදයකින් අනතුරුව වෙරි මතින් සිය ‍යතුරුපැදිය පදවාගෙන ගිය අයෙකු එම ප්‍රදේශයේ වැවකට පෙරළී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි දෙදරු පියෙක්.

මරණකරු එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි කෝට්ටේ ගොඩගේ නිරෝෂන් කුමාර නමැති සිවිල් ආරක්ෂක භටයෙක් බවත් වාර්තා වනවා.

තම මිතුරන් සමග වාන්ඇළ – මීගස්වැව අසල පැලක දෙසැම්බර් 31 රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එය අවසන් වී ඊයේ දිනයේ දී නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු ව තිබෙනවා.

කෙසේවෙතත් ඔහු පෙරේදා දිනයේ දී ජීවිතක්ෂයට පත් ව ඇති බවට සැක කෙරෙන අතර දෙදින නිවසට නො ආ බැවින් ප්‍රදේශවාසීන් සහ නිවැසියන් ඔහු ව සොයා බලා තිබෙනවා.

එහිදියි ඔහුගේ සිරුර වැවේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇත්තේ.

කන්තලේ වැඩබලන මහෙස්ත්‍රාත් ජී.ජී. මේනකා දමයන්ති මහත්මිය ඉදිරිපිට ඊයේ සවස මළසිරුර ගොඩගැනුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කන්තලේ මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18