පොහොට්ටුවේ පළාත් සභා ඇමතිට අයත් නීතිවිරෝධී සුපිරි ජීප් රථ 03ක් සොයා ගැනේ

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති බවට සැක කරන රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් සොයා ගෙන තිබෙනවා.

මෙම වැටලීම පෙරේදා (31) සිදු කර ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින්.

එහිදී විදේශ රටවල යුද හමුදාවේ භාවිතා කර ඇති බවට සැක කරන මෙරටට නීතිවිරෝධීව ආනයනය කළ මෙම ජීප් රිය සොයාගැනීමෙන් පසුව කළ විමර්ශනයේ දී හෙළි ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු විසින් මෙය භාවිත කරන ලද බවයි.

ඊට අමතර ව තවත් වාහන 02ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් පසුව රුපියල් කෝටි 03ක් වටිනා ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථ දෙකක් ද රත්මලාන දුම්රියපොළ ප්‍රදේශයේ දී සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පිංවථ පොලිසිය පරීක්ෂණ කරන අතර පොලිස් භාරයට ගැනුණු ජීප් රථ 03 රාජ්‍ය ආයතනවලින් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ මෙම වාහන ලියාපදිංචි කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම රථවල හිමිකරු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ හිටපු පළාත් සභා ඇමති මීට පෙර ද මෙවැනි වාහනයක් හිටපු කළුතර දිස්ත්‍රික් අමාත්‍යවරයෙකු වෙත ලබා දී ඇති බවත් එම රථය ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයේ නඩුවක් විභාග වන බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18