පොහොට්ටුවේ පළාත් සභා ඇමතිට අයත් නීතිවිරෝධී සුපිරි ජීප් රථ 03ක් සොයා ගැනේ

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති බවට සැක කරන රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් සොයා ගෙන තිබෙනවා.

මෙම වැටලීම පෙරේදා (31) සිදු කර ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින්.

එහිදී විදේශ රටවල යුද හමුදාවේ භාවිතා කර ඇති බවට සැක කරන මෙරටට නීතිවිරෝධීව ආනයනය කළ මෙම ජීප් රිය සොයාගැනීමෙන් පසුව කළ විමර්ශනයේ දී හෙළි ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු විසින් මෙය භාවිත කරන ලද බවයි.

ඊට අමතර ව තවත් වාහන 02ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් පසුව රුපියල් කෝටි 03ක් වටිනා ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථ දෙකක් ද රත්මලාන දුම්රියපොළ ප්‍රදේශයේ දී සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පිංවථ පොලිසිය පරීක්ෂණ කරන අතර පොලිස් භාරයට ගැනුණු ජීප් රථ 03 රාජ්‍ය ආයතනවලින් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ මෙම වාහන ලියාපදිංචි කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම රථවල හිමිකරු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ හිටපු පළාත් සභා ඇමති මීට පෙර ද මෙවැනි වාහනයක් හිටපු කළුතර දිස්ත්‍රික් අමාත්‍යවරයෙකු වෙත ලබා දී ඇති බවත් එම රථය ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයේ නඩුවක් විභාග වන බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?