ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිගේ කීර්ති නාමයට අපහාස වන අයුරින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් එක් ව මේ දිනවල මුහුණුපොත හරහා සිදු කරන අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් ඇයගේ නීතිඥවරු මාර්ගයෙන් අද (31) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයට භාර දී තිබෙනවා.
ඇයගේ නීතිඥවරුන් විසින් අදාළ පැමිණිල්ල භාරදෙනු ලැබීමෙන් පසුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ මෙම ක්‍රියාදාමය පිටිපස ඇත්තේ පරාජයට පත් වූ දේශපාලන පක්ෂයක සාමාජිකයින් බවයි.
සිය සේවාදායිකාව කොළඹ නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටල් කාමරයකට රුපියල් 20000ක මුදලකට තවත් පිරිමි පුද්ගලයින් සමග ගොස් ඇති බවට වන පුවතක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වීම හේතුවෙන් මන්ත්‍රිනී කොට්ටහච්චිගේ කීර්ති නාමයට හානියක් සිදු වී ඇති බවට සඳහන්.
අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් කඩිනමින් මෙම අපරාධය සිදු කරන පිරිස අත් අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රිනී කොට්ටහච්චි මහත්මියගේ නීතිඥවරු පවසා ඇත්තේ.














අනේ ඔය මගුල් වලින් අපිට wedak ne බලය දුන්නේ රට හදන්න නැතිව පුද්ගලික දේවල් වලට නඩු දාගෙන නටන්න නෙවේ මෙක පුදුම kolamak වෙලානේ ඔක්කෝම තමන්ගේ පුද්ගලික දේවල් අරගෙන මාධ්‍ය සංදර්ශන ඕනේ එකෙක්ට ඕන එකක් කියන්න අයිතිය තියෙනවා thaman kawda කියලා weda වලින් පෙන්නන. Malimawe ඔක්කෝම කාශ්‍යප හාමුදුරුවෝ වගේ patan gathhane උසාවි යන්න.
කතාකරන්න නිදහස තිබුනා කියල පිරිමින් චීත්ත හැට්ටා ඇඳගෙන මඩ ගහන්න හොඳ නැහැ කියලා තේරෙන්නේ නැති ද. පරාජිතයන් තවත් පිරිහෙනවා
You are perfectly correct
ැඩේ එක අංගයක් තමයි බොරු ප්‍රචාර මඩ අවලාද නඟන එකත් නවත්වන එක. උන්ට ඕන දෙයක් කරගන්න කියලා රට හදන්ඩ බෑ මේ කාලකන්නි සංස්කෘතිය අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. ඒ විදිහට අසච්ච ප්‍රචාරය කරනවා නම් ඔවුන්ට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතුයි.
අනේ පලයං බං යන්න අනුන්ගෙ සීනි කිරන්නැතුව
ඕනාවට වඩිය උඩ පනින්න ගියාම ඕක වෙනවා
පරාජය පිලිගන්න බැරිව මඩ ගසා හරි සිත සනසාගන්න නූගතුන්
හොරැ අල්ලන්නයි උගන්ඩාවේ සල්ලි ගෙනැල්ලා ජනතාවට සහනදෙන්න නේද ආවේ දැන් උන්ගේ මගුල්වලටද උසාවි යන්නේ