පුද්ගලයෙකුට මරණ තර්ජන කළ අයෙකු අත්අඩංගුවට

ඊයේ (30) දින පුද්ගලයෙකුට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු බේරුවල ධීවර වරායේ දී ව්‍යාපාරිකයෙකුට ගිනිඅවි පෙන්වා තර්ජනය කර ඇති බවත්; ඔහුව ‘රන් මල්ලී’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන බවත් බේරුවල පොලිසිය පවසනවා.

සැකකරු දින කිහිපයකට පෙර බේරුවල ධීවර වරායේ ආපණශාලාවේ දී ගිනි අවියක් පෙන්වා මත්ස්‍ය ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කළ බවටයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පොලිස් විමර්ශන ක්‍රියාත්මක වීමත් සමග සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු ව බේරුවල – හෙරලත්තුඩුව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගැනුණා.

මොහු 30 හැවිරිදි වියැති හිටපු යුද හමුදා සෙබළෙකු වන අතර කලක් ප්‍රදේශයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ප්‍රබල ආධාරකරුවෙකු ද වන බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුට මෙම ගිනිඅවිය කාගෙන් කුමන කටයුත්තක් සඳහා ලැබුණේ ද යන්න සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති අතර ඔහු ව අද (30) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?