පුද්ගලයෙකුට මරණ තර්ජන කළ අයෙකු අත්අඩංගුවට

ඊයේ (30) දින පුද්ගලයෙකුට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු බේරුවල ධීවර වරායේ දී ව්‍යාපාරිකයෙකුට ගිනිඅවි පෙන්වා තර්ජනය කර ඇති බවත්; ඔහුව ‘රන් මල්ලී’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන බවත් බේරුවල පොලිසිය පවසනවා.

සැකකරු දින කිහිපයකට පෙර බේරුවල ධීවර වරායේ ආපණශාලාවේ දී ගිනි අවියක් පෙන්වා මත්ස්‍ය ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කළ බවටයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පොලිස් විමර්ශන ක්‍රියාත්මක වීමත් සමග සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු ව බේරුවල – හෙරලත්තුඩුව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගැනුණා.

මොහු 30 හැවිරිදි වියැති හිටපු යුද හමුදා සෙබළෙකු වන අතර කලක් ප්‍රදේශයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ප්‍රබල ආධාරකරුවෙකු ද වන බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුට මෙම ගිනිඅවිය කාගෙන් කුමන කටයුත්තක් සඳහා ලැබුණේ ද යන්න සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති අතර ඔහු ව අද (30) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21