රට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් වෙළඳපොළට

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

මෙම සහල් තොගයෙන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බවයි රේගුව සඳහන් කළේ.

තව දුරටත් රේගුව වෙත යොමුකරන ආනයනික සහල් තොග විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නිෂ්කාශනය කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසුවේ.

රජය විසින් බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලසීමාව එළඹෙන ජනවාරි මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළා.

රට තුළ පවතින සහල් හිඟය පිළියමක් ලෙස රජය විසින් පදුගිය 04 වනදා සිට සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දුන්නා.

කෙසේ වෙතත් රජය විසින් ආනයනය කරන බව කියූ සහල් තොගය තවමත් දිවයිනට පැමිණ නැහැ.

එවන් තත්ත්වයක වෙළඳපොළේ කැකුළු සහල් සහ නාඩු සහල්වල තවමත් හිඟයක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?