රට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් වෙළඳපොළට

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

මෙම සහල් තොගයෙන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බවයි රේගුව සඳහන් කළේ.

තව දුරටත් රේගුව වෙත යොමුකරන ආනයනික සහල් තොග විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නිෂ්කාශනය කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසුවේ.

රජය විසින් බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලසීමාව එළඹෙන ජනවාරි මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළා.

රට තුළ පවතින සහල් හිඟය පිළියමක් ලෙස රජය විසින් පදුගිය 04 වනදා සිට සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දුන්නා.

කෙසේ වෙතත් රජය විසින් ආනයනය කරන බව කියූ සහල් තොගය තවමත් දිවයිනට පැමිණ නැහැ.

එවන් තත්ත්වයක වෙළඳපොළේ කැකුළු සහල් සහ නාඩු සහල්වල තවමත් හිඟයක් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56