Update – දකුණු කොරියා ගුවන් අනතුරේ මරණ සංඛ්‍යාව 62ක් දක්වා ඉහළට

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපපොළේ සිදු වූ ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් ඇති විදෙස් වාර්තා සඳහන් කරනවා.

එරට ජාතික ගිනි නිවන ඒජන්සියට අනුව, මියගිය පුද්ගලයින් 62 දෙනා අතර කාන්තාවන් 37ක් සහ පිරිමින් 25ක් සිටින බවයි වාර්තා වන්නේ.

ගුවන් යානය ගුවන් පථයෙන් ඉවතට පැමිණ මුආන් ගුවන් තොටුපපොළේ තාප්පයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී යානය තුළ 181 දෙනෙක් සිට ඇති අතර, ඉන් හයක් ගුවන් කාර්ය මණ්ඩලය බවයි අනාවරණය වුණේ.

මගීන් 175 දෙනා අතර තායි ජාතිකයින් දෙදෙනෙක් ද සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර දකුණු කොරියා බලධාරීන් සඳහන් කළේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

මගීන් සහ කාර්ය මණ්ඩලය 181 දෙනෙකු රැගෙන බැංකොක් සිට පැමිණි ජෙජු එයාර් ගුවන් යානය එරට වේලාවෙන් අද (29) පෙරවරු 9.03ට පමණ ගොඩබෑමේ ආම්පන්නයේ ගැටළු වාර්තා කිරීමෙන් පසු හදිසි ගොඩබෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මේ අතර ගුවන් අනතුරු විමර්ශන කමිටුවේ විමර්ශකයින් පැමිණ දැනට හේතුව විමර්ශනය කරමින් සිටින අතර,සියලුම ගුවන් සමාගම් සහ එරට ගුවන් තොටුපොළ සඳහා ආරක්ෂිත මෙහෙයුම් නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?