සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීම අරමුණු කරගනිමින් දකුණු කොරියාවෙන් සීගිරියට රුපියල් බිලියන 2.4ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය විසින් මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත ව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය මත යෝජිත මෙමගින් සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ග ඉදිකිරීම හා සීගිරි කෞතුකාගාරය, ආපණශාලාව සහ ප්‍රවේශ පත්‍ර කවුළුව ආදිය සංවර්ධනය බලාපොරොත්තු වන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම ව්‍යාපෘතිය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙනු ඇති.














I’m the owner of this project.I gave this to ministry on a contract in 2024. I’m happy it’s going now