පිටරටින් සීගිරියට රුපියල් බිලියන 2.4ක ආධාරයක්

සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීම අරමුණු කරගනිමින් දකුණු කොරියාවෙන් සීගිරියට රුපියල් බිලියන 2.4ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය විසින් මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත ව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය මත යෝජිත මෙමගින් සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ග ඉදිකිරීම හා සීගිරි කෞතුකාගාරය, ආපණශාලාව සහ ප්‍රවේශ පත්‍ර කවුළුව ආදිය සංවර්ධනය බලාපොරොත්තු වන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ව්‍යාපෘතිය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14